Artist
|
- Bachi Susan
|
Song
|
- Himi Nowuna Nethu
|
Chord
|
- Ebm
|
See Video
හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
කදුලකට අත වනන හදවත කොනෙන්
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම්
මට හරිම පාලුයි මගේරත්තරන්
හුරතල් වේවි කනට කෙදිරු වදන් මගේ හිතම පිරවූ එදා
එක වචනයක්වත් තරම් හිත දෙන්නේ නැතිවද මෙදා
සිනහාවී ඉන්න දැන්වත් ඇයි ඔය ඉන්නේ නෙතු කැන් පියන්
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔය ලස්සනයි
ඇස් දෙක පියන් ඉන්න එපා තරහා වීලා මගේ හිතට දැන් හරි බයයි
මෙතරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා
හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාලුයි මගේ රත්තරන්
No comments:
Post a Comment