Artist
|
- M.S fernando
|
Song
|
- Mal Yahanawaki Loke
|
Chord
|
- Cm
|
See Video
මල් යහනාවකි ලෝකේ
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ //
සඳ බැස යාවිද ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ
එය ස්ථිර නැත්තේ //
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු
රසවිද ඔකඳ වෙමු //
පියා සලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග තනිවෙනවා
ගායනය - එම්. එස්. ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර
No comments:
Post a Comment