Obata Thiyena Adare Mama
Artist
|
-
|
Song
|
-
|
Chord
|
- C
|
See Video
ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවේ නෑ
ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවේ නෑ
මේ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියේ නෑ
ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
හඳ දවසට අහස දිහා මම බලන්නේ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ
ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නෑ
මම එන්කොට ආපසු එය ඔබ මට දුන්නෑ
සිරියාවිය දැකගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලේ
ඔරු පදිනවා වගේ නෑ
No comments:
Post a Comment