Artist
|
- Radeesh Vandebona
|
Song
|
- Mama Ahawwa Horen
|
Chord
|
- A
|
මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
No comments:
Post a Comment